යටත් විජිත සමයේ ගොඩනැගිලි ආයෝජන ව්‍යෘපෘතිවලට..

යටත් විජිත සමයේ ගොඩනැගිලි රැසක් ආයෝජන ව්‍යෘපෘති සඳහා ලබාදීමට සැලසුම්..

by Staff writer 08-12-2023 | 6:32 AM

 COLOMBO (News 1st) – යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. 

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, මේ වනවිට ආයෝජන අවස්ථා සඳහා එවැනි ගොඩනැගිලි 20 ක් පමණ හඳුනා ගෙන ඇති බවයි.

ඒවායේ පුරාවිද්‍යා වටිනාකමට හානියක් නොවන පරිදි ප්‍රතිසංස්කරණය කර අයෝජන ව්‍යාපෘති සඳහා යෙදීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.