.webp)
COLOMBO (News 1st) – පිිළිකා රෝගීන්ට පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් වංචා කළ පුද්ගලයින් 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට මුදල් පරිත්‍යාග කරන ලෙසට ඉල්ලා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇති බවයි.
ඒ අනුව ඒ සඳහා පරිත්‍යාගශීලීන් රුපියල් ලක්ෂ 38 ක මුදලක් අදාළ රෝගීයාගේ බැංකු ගිණුමට බැර කර තිබේ.
පසුව එම සැකකරුවන් ව්‍යාජ ලේඛන සකස් කර අදාළ බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇතැයි මූලික විමර්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවිස්සාවේල්ල සහ මහියංගනය ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.