3වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කරයිද?

නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් වුවත් ජාතික පද්ධතියට එක් කරන්නේ නැහැ - ලංවිම

by Staff writer 07-12-2023 | 6:20 AM

COLOMBO (News 1st) - නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් නමුත් කඩිනමින් ජාතික පද්ධතියට එක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, ජල විදුලි උත්පාදනය අවශය මට්ටමින් ක්‍රියාත්මක වීම තුළ මෙම තීරණය ගත් බවයි.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක්කරන්නේ නම් ඒ සඳහා භාවිත වන ගල් අඟුරු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව ඔහු පැවසුවේය.

ඔහු සඳහන් කළේ, නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ඕනෑම අවස්ථාවක ජාතික පද්ධතියට එක් කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත අනුව, මේ වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව 97.7% දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 5 වැනි දා දෛනික ජල විදුලි නිෂ්පාදනය 63 % කි.

තාප බලාගාර ආශ්‍රිත විදුලි නිෂ්පාදනය 15.70 % කි.

මේ අතර නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය මේ වනවිට පවතින්නේ, අක්‍රීයවයි