ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් ?

IMF දෙවැනි වාරිකය ලැබීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක්

by Staff writer 06-12-2023 | 6:14 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.

එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බව එහි සඳහන් විය.

මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් පසුව එම මුදල ලැබෙනු ඇති බවයි.

දෙවැනි වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන 12 වැනි දා රැස්වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ කොන්දේසි සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳ එහි නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි.