හේනාවල රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

හේනාවල රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff writer 06-12-2023 | 1:58 PM

COLOMBO (News 1st) - කඩුගන්නාව, හේනාවල දිසා රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, පැරණි බැම්මක් අලුත්වැඩියා කිරීමට යාමේදී අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.

මිය ගොස් ඇත්තේ බැම්ම අලුත්වැඩියා කරිමින් සිටි 32 හැවිරිදි උඩුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

ඔහුගේ දේහය මේ වනවිට කඩුගන්නාව හේනාවල රෝහලේ තැන්පත් කර තිබේ.