.webp)

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බවයි.
මෑත කාලයේ ඉන්දියාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බවට එරට කාලගුණ බලධාරීන් පුරෝකතනය කළහ.
මිජවුම් සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, ඉන්දියාවේ චෙන්නයි ප්‍රාන්තයටයි.
චෙන්නායි ප්‍රාන්තයේ පාසල් සහ කාර්යාල මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර චෙන්නයි ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු ද අත්හිටුවා තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තයට දින 4ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
තම්බරම්, චිරාලා, විනුකොන්ඩා සහ කනිගිරි ආදී ප්‍රදේශවලින් මේ වනවිට ජනතාව ඉවත් කර ඇති අතර බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, බොහෝ ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැළෙමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුළ එය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.
