.webp)
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහරදීමට අදාළ සිදුවීමට සම්බන්ධ සිසුන් පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් අභයන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.
එමෙන්ම සිද්ධියට මුහුණ පෑ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.
මේ අතර ඊයේ (4) පස්වරුවේ සිට ක්‍රියාත්මකවන පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ තාක්ෂණ හා පරිගණක පීඨය හැර අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමුණි.
ඒ අනුව එම පීඨවල සියලුම සිසුන් අද (05) උදෑසන 8 ට පෙර සියලුම නේවාසිකාගාරවලින් ඉවත්විය යුතුයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙනගොස් රඳවා ගැනීම ඇතුළු සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාලය වසා දමා ඇති බව සඳහන් විය.
මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ දවස පුරා වැඩවර්ජනයක නිරත වුණි.
ඒ තම ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලමිනි.