ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය...

ලබන වසරේ සිසුන් ලක්ෂ 16කට දිවා ආහාරය...- අධ්‍යාපන ඇමති

by Staff writer 04-12-2023 | 11:17 AM

COLOMBO (News 1st) – ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.