.webp)
වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව අද ප්‍රකාශයට පත් කෙරුණි.
එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ අයි. යූ වික්‍රමසූරිය මහතායි.
සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම ජාතික ක්‍රීඩා සභාවට ප්‍රවීණ ධාවන ශූරී ශ්‍රියානි කුලවංශ, විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ආනා පුංචිහේවා යන මහත්ම මහත්මීන් ද අද නම් කළ ජාතික ක්‍රීඩා සභාවට ඇතුළත් වේ.
විශ්‍රාමික මේජර් ජෙනරල් රජිත අම්පෙමොහොට්ටි, ව්‍යාපාරික මලික් කාඩර්, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු, එස්.වී.ඩී නානායක්කාර, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හෆීස් මාර්සෝ, විශ්‍රාමික ජෙනරල් ජගත් ජයසූරිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් දේශප්‍රිය, උදාර රත්නායක සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න යන මහත්ම මහත්මීන් ද ඊට ඇතුළත් ය.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ද අද ප්‍රකාශයට පත් කෙරුණි.
එහි සභාපති ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇති අතර ලේකම් ලෙස කටයුතු කරන්නේ අර්ජුන රිෂ්යා ප්රනාන්දුයි.
වෛද්‍ය මයියා ගුණසේකර, සුරේෂ් සුබ්‍රමනියම්, නලින්ද සම්පත් ඉලංගකෝන් සමාජිකයින් ලෙස නම් කර තිබේ.