කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් ඉහළට...

කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට...

by Staff writer 03-12-2023 | 7:12 AM

COLOMBO (News 1st) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබේ. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නලින් ආරියරත්න මහතා සඳහන්, කළේ කොළඹ, නුගේගොඩ, මහරගම, ගොතටුව, ගම්පහ, අත්තනගල්ල, වත්තල, බියගම, කැලණිය සහ මීගමුව යන ප්‍රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හෙට(04) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද, නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය.