ගුණාත්මක ඖෂධ රෝගීන්ට දීම ගැන ඉහළ අවධානයක්

ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට ඉහළ අවධානයක් - සීතා අරඹේපොල

by Staff writer 02-12-2023 | 1:11 PM

COLOMBO (News 1st) –  ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට ඉහළ අවධානයක් යොමු කර ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, පවතින ආර්ථික තත්ත්වය මත ශෛල්‍ය සහ නඩත්තු කටයුතුවල යම් පසුබෑම් ඇති වී තිබෙන බවයි.

කෙසේ වෙතත් ලබන වසරේදී දේශීය සහ විදේශියව ලැබෙන මූල්‍යමය දායකත්වයන් සමග එම තත්ත්වය මගහරවා ගනිමින් එම කටයුතු සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.  

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි. 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ ,දේශීය ඖෂධ නිෂ්පාදකයින් හා ආනයනකරුවන් සමග විවෘතව සාකච්ඡා කර ඖෂධ ප්‍රසම්පාදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. 

දේශීයව ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.