X-Press Pearl නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර..

X-Press Pearl වන්දි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට සිංගප්පූරු අධිකරණයෙන් අවසර..

by Staff writer 01-12-2023 | 7:01 AM

COLOMBO (News 1st) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව ලක් රජය පැවරූ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට සිංගප්පූරු අධිකරණය අවසර දී තිබේ. 

ඒ අනුව ලබන ජනවාරි 29 වැනිදා එම නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ කැඳවෙනු ඇති.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට පෙර ලක් රජය වෙනුවෙන් සවිස්තරාත්මක පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කළ යුතු බවයි.

ඊට අදාළ කටයුතු මේ දිනවල සිදුවෙයි. 

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ නඩුවට අදාළව නැව් සමාගම විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම අවසරය ලබා දුන් බවයි.

නෞකාවේ ගින්නෙන් හා එය මුහුදුබත් වීමෙන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට මෙම නඩුව පවරා තිබේ.