2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

by Staff writer 01-12-2023 | 7:18 AM

COLOMBO (News 1st) – 2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 09 වැනි දිනය අද(01)යි.

අද පෙරවරු 9. 30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට අද දිනයේ නියමිතයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් රැස්වෙයි. 

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.