.webp)
COLOMBO (News 1st) – තාරුණ්‍යයේ පෙරළිකාර ගුවන් විදුලිය Y FM අද(01) සිය 18 වැනි සංවත්සරය සමරයි.
ඒ, හාට් එකේ ආර්ට් එක නමැති තේමාවෙන් ය.
Y FM අද සිට මෙරට ගුවන් අවකාශයට මුදා හැරෙන්නේ, MY Y සන්නාමය යටතේය.
මෙරට තරුණ හද ගැස්ම හඳුනා ගනිමින්, ගෝලීය ප්‍රවණතාවන්ට අනුව වැඩසටහන් නිෂ්පාදනය කරමින් ලාංකේය ගුවන් විදුලි කලාව තුළ සැබෑ වෙනසක් කිරීමට වයි නාලිකාවට හැකි විය.
මෙවර MY Y 18 වැනි සංවත්සරය සමරන්නේ, ලාංකේය තාරුණ්‍ය වෙනුවෙන් නැවුම් අත්දැකීම් රැසක් තිළිණ කරමින් ය.
Y FM 18 වැනි සංවත්සරයත් සමග අද සිට නිවුස්ෆස්ට් ප්‍රවෘත්ති විකාශය වන වේලාවන්ද සංශෝධනය කර තිබේ.
ඒ අනුව ප්‍රධාන ප්‍රවෘත්ති උදෑසන 6.30 ,දහවල් 12.45 සහ සවස 6.15 ට විකාශය කිරීමට නියමිතයි.
පැයෙන් පැය පුවත් පෙරවරු 07.45, පෙරවරු 8.45, පෙරවරු 9.45 පෙරවරු 10.45 පෙරවරු 11.45 පස්වරු 2.45 ,පස්වරු 3.45 , 4.45 හා රාත්‍රි 7.45 ට විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.