උ/පෙළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

by Staff writer 01-12-2023 | 2:10 PM

COLOMBO (News 1st) –  2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු  නිකුත් කර තිබේ. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස එය ලබාගත හැකියි.

ඒ අනුව සිසුන් 45,000 කට ආසන්න පිරිසක් මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිතව තිබේ. 

මෙවර නව උපාධි පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇතැයි ද කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.