.webp)
COLOMBO (News 1st) – ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය අද අවසන් විය.
ඒ අද පෙරවරුවේ අවසන් වීමට නියමිතව තිබූ සටන් විරාමය දීර්ඝ කිරීම සමබන්ධයෙන් දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඊශ්‍රායල හමුදාව සඳහන් කළේ, හමාස් සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කළ බවයි.
සටන් විරාමය අවසන් වීමට සුළු මොහොතකට පෙර හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ප්‍රහාර එල්ල කළ බවට ද ඊශ්‍රායලය චෝදනා කළේ ය.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හරහා හමාස් සංවිධානය සටන් විරාමයේ කොන්දේසි කඩ කළ බවයි.
මීට සතියකට පෙර ඊශ්‍රායල සහ හමාස් සාමාජිකයින් සටන් විරාමයකට එකඟ වූ අතර පසුව අවස්ථා දෙකකදී එය දීර්ඝ කිරීමට ද ඔවුන් එකඟ විය.
එම කාල සීමාව තුළ අවස්ථා අටකදී ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් සහ ඊශ්‍රායලයේ රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් කණ්ඩායම් නිදහස් කෙරිණ.
අදාළ කාල සීමාව තුළ ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 1132ක් ඇතුළු වුණු බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.