අල්ලස්ගත් කඳාන දූෂණ විමර්ශනඅංශයේ ස්ථානාධිපති කොටු

අල්ලස් ගත් කඳාන දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට..

by Staff writer 01-12-2023 | 10:34 AM

COLOMBO (News 1st) – රුපියල් 75,000 ක අල්ලසක් ගත් කඳාන පොලිසියේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ය.

සැකකාර පොලිස් පරික්ෂකවරයා බදු පදනම මත පවත්වාගෙන යන හෝටලයක නීති විරෝධී ලෙස කාමර ලබා දෙන බවට නඩු පවරන බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ. 

ඉන් රුපියල් 25,000 ක් මීට පෙර ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

ඉතිරි රුපියල් 75,000 ක මුදල ලබා ගන්නා අවස්ථාවේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.