2024 දී CTB පෞද්ගලීකරණය වෙයි ද?

2024 දී ලාභ නොලැබුවහොත් CTB පෞද්ගලීකරණය කිරීමට සිදුවෙනවා - බන්දුල ගුණවර්ධන

by Staff writer 30-11-2023 | 6:45 AM

COLOMBO (News 1st) - 2024 වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම අවදානම මග හරවා ගැනීමට නම් ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බවයි.

එළඹෙන වසර තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිජිටල් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ වංචා දූෂණ පිළිබඳ විමර්ෂණය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ඒ, බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙනි.