වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ අරඹයි

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ අරඹයි

by Staff writer 30-11-2023 | 11:57 AM

COLOMBO (News 1st) - නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවෙ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. 

වැඩබලන පොලිස්පතිවරයා වැඩ භාර ගනු ලැබුවේ, සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි. 

එම අවස්ථාවට පොලිසියේ උසස් නිලධාරිහු රැසක් සහභාගී වි සිටියහ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ, දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස  3 ක කාලයක් සඳහා පත්කිරීමට ජනාධිපතිවරයා ඊයේ පියවර ගත්තේ ය.