IMF දෙවැනි වාරිකය ගැන ප්‍රකාශයක්

ණය හිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාව තුළින් දෙවැනි වාරිකයට මග පෑදෙනු ඇතැයි IMF ශ්‍රී ලංකා ප්‍රධානීයා කියයි

by Sagarika Chathumali 30-11-2023 | 2:46 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ණය හිමියන් සමග ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකඟතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය  සම්පූර්ණ කිරීමට උපකාරි වනු ඇතැයි, එම අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲව මහතා පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. 

දෙසැම්බර් මැද භාගයවන විට මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අදාළ සමාලෝචනය සිදුකිරීමට නියමිත බව ද  එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ නිල කමිටුවේ එකඟතාව සහා චීනය සිය අපනයන - ආනයන බැංකුව හරහා නිකුක් කර ඇති එකඟතා සලකා බලා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සිවු අවුරුදු විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයෙන් පසු දෙවන ණය වාරිකය නිදහස් කිරීමට නියමිතයි.