රියැදුරු බලපත්‍ර හය මසක් තුළ නිකුත් කිරීමට පියවර

ගොඩගැසී තිබූ ලක්ෂ 9 ක රියැදුරු බලපත්‍ර හය මසක් තුළ නිකුත් කිරීමට පියවර

by Staff writer 30-11-2023 | 12:02 PM

COLOMBO (News 1st) - නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළදී නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 

කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ,  ලක්ෂ 9 කට අධික රියැදුරු බලපත්‍ර තොගයක් මේ වන විට ගොඩ ගැසී ඇති බවයි. 

රියැදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් මෙලෙස රියැදුරු බලපත්‍ර ගොඩ ගැසී තිබේ. 

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, පසුගිය සඳුදා මුද්‍රණ යන්ත්‍ර තුනක් අලුතින් ලැබුණු බවයි.

ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.