කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරියෙන් වැටලීම්

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

by Staff writer 30-11-2023 | 6:12 AM

COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් අද (30) සිට වැටලීම් වැඩි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම වැටලීම් ලබන වසරේ ජනවාරි 15 දක්වා ක්‍රියාත්මකය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ, නිලධාරීන් නිවාඩු දිනවලත් සේවයේ යොදවන බවයි.