.webp)
COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලර් මිලියන 59ක පමණ මුදලක් වැය කළ විවාහ මංගල උත්සවයක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය අතර දැඩි කතාබහට ලක් වෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පැරිස් නුවරදී පැවැත් වූ මෙම මංගල උත්සවය‘සියවසේ විවාහය’ ලෙස නම් කර ඇති බවයි.
සියවසයේ විවාහය සිදුව ඇත්තේ, 26 හැවිරිදි මැඩ්ලෙයින් බ්‍රොක්වේ (Madelaine Brockway) සහ ඇගේ පෙම්වතා වූ ජකොබ් ලැග්රොන් (Jacob LaGrone) අතර යි.
මංගල උත්සවය සඳහා අමුත්තන්ගේ සපැමිණීම සිදුව ඇත්තේ, පුද්ගලික ජෙට් යානා වලින් බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මෙම විවාහ මංගල්‍යය පැවැත්වීම සඳහා පැරීසියේ විශාලතම මන්දිරය වන වර්සෙයිල්ස් මන්දිරය ( Palace of Versailles) යොදා ගෙන ඇති අතර, සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන (Maroon 5) මැරූන් ෆයිව් විසින් පුද්ගලික සංදර්ශනයක් පවා සංවිධානය කර තිබෙනවා
ලැග්රොන්ගේ අත ගත මනාලියගේ පියා අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අලෙවි සමාගමක හිමිකරුවකු වන අතර, දියණියගේ විවාහයේ සම්පූර්ණ වියදම දරා ඇත්තේ ඔහු විසින් බව ද වාර්තා වේ