දේශබන්දු තෙන්නකොන් වැඩබලන පොලිස්පති ධුරයට

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පත් කරේ..

by Staff writer 29-11-2023 | 12:52 PM

COLOMBO (News 1st) -  වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත්කිරීම සිදු කර ඇති බවයි.