දුම්රිය හදන අතුරු වාර්තාව ජනපති ලේකම්ට

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ අතුරු වාර්තාව ජනපති ලේකම්ට

by Staff writer 29-11-2023 | 6:12 AM

COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ඇතුළත් අතුරු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාරදුන් බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.

එහි සභාපතිවරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ප්‍රතිව්‍යුහතකරණ මූලික සැලැස්ම පිළිබඳ මෙම වාර්තාවෙන් කරුණු දක්වා ඇති බවයි.

දුම්රිය කාර්යක්ෂම කිරීම හා පාඩුව අවම කිරීම සඳහා යෝජනා ඊට ඇතුළත්ය.

දුම්රිය ප්‍රතිව්‍යුහතකරණය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ එම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු 16ක් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු පිරිසක් ඇතුළත් වේ.

එහි අවසන් වාර්තාව දෙසැම්බර් මස 31 වැනි දාට පෙර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.