තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 28-11-2023 | 3:17 PM

COLOMBO (News 1st) -  තද වැසි පිළිබඳව  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි. 

ඒ අනුව දකුණ , සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් මිලිමීටර් 100ට වැඩි වැසි ඇති වන බව කාළගුණ නිවේදනයේ සඳහන් ය.