ඉන්දියාවේ උමගක සිරවී සිට කම්කරුවන් බේරා ගැනේ

ඉන්දියාවේ උමගක සිරවී සිට කම්කරුවන් 41 දෙනා බේරා ගැනේ.

by Staff writer 28-11-2023 | 10:39 PM

COLOMBO (News 1st) - ඉන්දියාවේ උමගක සිරවී සිටි කම්කරුවන් 41 දෙනා බේරාගැනීමට ඉන්දීය ගලවාගැනීම් කණ්ඩායම් සමත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් එම උමගේ දින 17ක් සිරවී සිටි බවයි.

එම කම්කරුවන් මුදා ගැනීම සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීමට ඉන්දීය බලධාරීන් තීරණය කළේ, මෙතෙක් භාවිත කළ යන්ත්‍ර සුත්‍ර ඉවත් කරමිනි.

උත්තරකාන්ද් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක,  උමගක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටි කම්කරුවන් 41 දෙනෙකු මෙලෙස අනතුරට ලක් විය.