නව පොලිස්පතිවරයෙකු ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව අද..

by Staff writer 27-11-2023 | 6:39 AM

COLOMBO (News 1st) –  නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද(27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. 

ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ය.

ඒ අනූව අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. 

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා, පසුගිය 24 වැනිදා විශ්‍රාම ගියේ ය.

පොලිස්පතිවරයාගේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වැනිදා ය.

ජනාධිපතිවරයා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගු ලබා දුන්නේ ය.