ලංවිම ස්ථීර සේවකයින් 5000ක් ඉවතට..

වියදම් කළමනාකරණයට ලංවිම ස්ථීර සේවකයින් 5000ක් සේවයෙන් ඉවත් කෙරේ.. - කංචන විජේසේකර

by Staff writer 26-11-2023 | 7:07 AM

COLOMBO (News 1st) :  විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බවයි.

විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබන වසරේදී ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.