.webp)
COLOMBO (News 1st) : රුසියානු හමුදා යුක්‍රේනයේ කියේව් අගනුවර ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය රුසියාව, යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු එල්ල වූ ප්‍රබලම ඩ්‍රෝන ප්‍රහාරය බවයි.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,ඉන් පෙර පාසලක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති බවයි.
ප්‍රහාරය සඳහා රුසියානු ආරක්ෂක අංශ, ඉරානයේ නිශ්පාදිත ඩ්‍රෝන 75 ක් යොදාගෙන ඇතැයි සඳහන් ය.
කෙසේ වෙතත් යුක්‍රේන බලධාරින් සඳහන් කළේ ඉන් ඩ්‍රෝන 70ක් පමණ තම ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කළ බවයි.
2022 දී සිය පූර්න පරිමාණ ආක්‍රමණය ආරම්භයේ සිට යුක්‍රේනයට සිය දරුණුතම ඩ්‍රෝන් ප්‍රහාරය දියත් කළ බව හමුදා නිලධාරීහු පවසති.
සමස්තයක් වශයෙන්, රුසියාව යුක්‍රේනයට එරෙහිව ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්‍රෝන 75 ක් දියත් කළ අතර ඉන් 74 ක් ගුවන් ආරක්ෂක මගින් විනාශ කළ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.
"Kyiv ප්රධාන ඉලක්කය විය", යුක්‍රේන ගුවන් හමුදාපති Mykola Oleshchuk ඔහුගේ Telegram නාලිකාවේ ලිවී ය.