පළාත් 4ක ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීමක්..

පළාත් 4ක ඩෙංගු ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීමක්..

by Staff writer 26-11-2023 | 7:10 AM

COLOMBO (News 1st) : බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පොදු ස්ථානවල සහ පූජනීය ස්ථානවල මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 74,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද ඔහු පැහැදිලි කළේ ය.