ආපදාවන්ට මුහුණ දෙන්න හමුදා කණ්ඩායම් 2 ක්..

ඇති විය හැකි ආපදාවන්ට මුහුණ දෙන්න හමුදා කණ්ඩායම් 2 ක් - ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

by Staff writer 25-11-2023 | 7:01 AM

COLOMBO (News 1st) – ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හමුදා කාණ්ඩ දෙකක් සුදානම් කර ඇතැයි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.

ආපදා හේතුවෙන් මේ වසරේ පුද්ගලයින් දෙලක්ෂ දාහත් දහස් නවසීයක් පීඩාවට පත්ව ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.  

ඒ අතර සිටින පවුල් සංඛ්‍යාව 51,571කි.