කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක්

by Staff writer 24-11-2023 | 7:03 AM

COLOMBO (News 1st) –  කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(24) පස්වරු 5.00 සිට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 

එම ප්‍රදේශ වන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යි.

ඒ අනුව අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 9 දක්වා අදාළ ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට හේතුවී ඇත්තේ අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තකි.