.webp)
COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව සඳහන් ය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.
මේ අතර අත්තනගළු ඔය පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉදිරි පැය 3 සිට 24 ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල , මහර ,ගම්පහ , මිනුවන්ගොඩ, ජා - ඇල , කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර ඇති විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
නිල්වලා ගඟ ද්‍රෝණියේ කිරම වැව ආශ්‍රිත මුලටියන හා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර මහතා පැවසී ය.
මේ අතර පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 10 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් තවදුරටත් නායායාමේ අවදානමේ පවතී.
බදුල්ල , මහනුවර , කෑගල්ල , මාතර , රත්නපුර , ගම්පහ , හම්බන්තොට , කුරුණෑගල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් වේ.
මේ අතර, පවතින අධික වැසි සමග ඇති වූ ආපදාවලින් පවුල් 798 ක, පුද්ගලයින් 2930 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.