කැලණිතිස්ස බලාගාරය සති 6කට වසා දැමේ....

කැලණිතිස්ස බලාගාරය සති 6කට වසා දැමේ....

by Staff writer 18-11-2023 | 8:00 AM

COLOMBO (News 1st) - කැලණිතිස්ස බලාගාරය සති 6 ක කාලයක් සඳහා වසා දමා ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු අංශය සඳහන් කළේ, ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ (17) සිට බලාගාරය සති 6 ක් සඳහා වසා දැමූ බවයි.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්. 

මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රිය කල, නොරොච්චෝල ලක් විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ජාතික පද්ධතියට එක් කිරිමට දින 05 ක් පමණ ගත වනු ඇතැයි විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා. 

එම මණ්ඩලය ඊයේ නිවේදනය කළේ, බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් නිසා එය ක්‍රියා විරහිත කිරීමට සිදුවූ බවයි.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 300 ක්. 

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ද මේ වන විට පවතින්නේ අක්‍රියවයි. 

ඒ , නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

එමගින් ද මොගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වේ.

කෙසේ වෙතත් අඛණ්ඩ විදුලිය සැපයුමට බාධාවක් නොවන බව, විදුලි බල මණ්ඩලය යළි තහවුරු කළේ ය. 

ජල විදුලි නිෂ්පාදනය කරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බව ද, විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ ය.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව සියයට 88 දක්වා ඉහළ ගොස් ඇත.