ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 17-11-2023 | 7:23 AM

COLOMBO (News 1st) - 2023 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ. 

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ,  ප්‍රතිඵල www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.

යළිත් එම වෙබ් අඩවි 
www.doenets.lk
www.results.exams.gov.lk

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 332,949 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සමත් සංඛ්‍යාව 50,664 කි. 

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික් අනුව සිංහල හා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ. 

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල,මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු සංඛ්‍යාව 154 කි. 

හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 150 ක් ලෙසයි.

පොළොන්නරුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 149 කි.

අම්පාර හා පුත්තලම දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 148 ක් ලෙසයි.

ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික්වල කඩයිම් ලකුණු සංඛ්‍යාව 146 කි. 

මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 145 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසී ය. 

දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය මගින් යොමු කළ හැකි බවයි.