නැවත දැනුම් දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් නැහැ.. කතානායක දැනුම් දෙයි

by Staff writer 17-11-2023 | 12:34 PM

COLOMBO (News 1st) - නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බව කතානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 

අදත් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේතුවේදී පෙන්වා දුන්නේ වත්මන් කෝප් කමිටු සභාපතිවරයා යටතේ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර අද හදිසියේ අද පස්වරුවේ  කෝප් කමිටු රැස්වීමක්  කැඳවීමට කටයුතු කර ඇති බවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඊට සහභාගී වීමේ හැකියාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය. 

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් කෝප් කමිටු රැස්වීම් පිළිබඳව කතානායකවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ය.