.webp)
COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව තර කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලිමකට අනුව දැනට සිටින 7 දෙනාට අමතරව ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 03 දෙනෙකු ලබාදුන් බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, ක්‍රීඩා අමාත්‍යවරයා ආරක්ෂාව වැඩිකරන ලෙසට තමාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාට ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් 10 දෙනෙකු මේ වන විට ලබාදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.