පාසලේ තාප්පයක් කඩා වැටී තුවාල ලැබූ සිසුවියක මියයයි

පාසලක ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සිසුවියක මියයයි

by Staff writer 15-11-2023 | 12:45 PM

COLOMBO (News 1st) - වැල්ලම්පිටියේ පාසලක ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන්, තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ සිසුවියක ජීවිතක්ෂයට පත්ව තිබේ. 

කොළඹ ජාතික රෝහල පැවසුවේ,අනතුරින් බරපතළ  තුවාල ගබා සිටි සිසුවියක එලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි. 

ජල කරාම සවි කළ කොන්ක්‍රීට් තාප්පය කඩා වැටීමෙන් තුවාල ලබා ළමුන් 6 දෙනෙකු ලබා රෝහල්ගත කෙරිණ.