2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ..

by Staff writer 13-11-2023 | 6:08 AM

COLOMBO (News 1st) - 2024 වසරේ අයවැය යෝජනා අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව ආරක්ෂාව දැඩිකර ඇතැයි ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

මේ අතර අය වැය විවාදය පවත්වන වකවානුව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීම අත්‍යවශ්‍ය බවත් එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවෙහි රැඳී සිටීමට හැකිවන පරිදි බාහිර වැඩ යොදා ගන්නා ලෙස ද සියලු මැති ඇමැතිවරුන්ට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

අයවැය සජීවි විකාශය අද උදෑසන 11.30 ට සිරස TV හා TV1 නාලිකා ඔස්සේ බලාපොරොත්තු වන්න. 

එසේම නිව්ස්ෆස්ට් YouTube නාලිකාව ඔස්සේද අයවැය සජීවි විකාශය නැරඹිය හැකියි.

මීට අමතරව දහවල් 12.00 සිට සිරස FM ඔස්සේ අයවැය සජීවි විකාශය ශ්‍රවණය කළ හැකිය.