ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්

ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්

by Staff writer 12-11-2023 | 3:39 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් හටගෙන තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 3.4 ක් ලෙස සටහන් වූ බවයි.

අද (12) පස්වරු 1.15 ට පමණ භූ කම්පනය වාර්තා වී තිබේ.

කන්තලේ, මොරවැව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවලට භූ කම්පනය දැනී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ ය.