.webp)
COLOMBO (News 1st) – ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේ ය.
ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ තරග 09ක් ක්‍රීඩා කළ අතර ඉන් ජයගත හැකි වූයේ තරග 02ක් පමණි.
ඒ, නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහි පැවති තරගයි.
ඒ අනුව, මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවිය.
ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට මෙවර ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ඉදිරියේත් පරාජයේ අමිහිරි අත්දැකීම් විඳ ගැනීමට සිදුවිය.