ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයට වගකිව යුතුයි - ක්‍රීඩා ඇමති

by Sagarika Chathumali 10-11-2023 | 1:15 PM

COLOMBO (News 1st) –  ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා රජයට වගකිවයුතු බව ක්‍රීඩා ආමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අවධාරණය කරයි. 

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. 

අමාත්‍යවරයා පැවසුවේ, අංක 25 දරන ක්‍රීඩා පනත අනුව එහි සඳහන් නීති රෙගුලාසිවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අනුගත විය යුතුව ඇති බවත් ඒ අනුව කටයුතු කිරීම අනිවාර්ය වන බවත් ය. 

තව ද ක්‍රීඩා පනත හා රෙගුලාසි අනුව ක්‍රිකට් ආයතනය  රජයේ විගණකාධිපති විසින් සිදු කරනු ලබන විගණනයන්ට ද යටත්විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ  ය. 

''අංක 25 දරන ක්‍රීඩා පනත හා ඒ අනුව පනවන ලද රෙගුලාසි අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් යනු  ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සම්මේලනයක් වේ. ඒ අනුව එහි සඳහන් නීති රෙගුලාසිවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අනුගත විය යුතු විය යුතු අතර ඒ අනුව කටයුතු කිරීම අනිවාර්ය වේ.  එමෙන්ම ක්‍රීඩා පනත හා රෙගුලාසි අනුව රජයේ විගණකාධිපති විසින් සිදු කරනු ලබන විගණනයන්ට ද යටත්විය යුතුය. ඒ අනුව මෙය රජයට වගකිව යුතු ආයතනයක් වේ''

- ක්‍රීඩා ඇමති -