ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීමට විවාදයක්

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට.. පස්වරුවේ ඡන්ද විමසීමක්..

by Staff writer 09-11-2023 | 6:16 AM

COLOMBO (News 1st) - දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් අද (09) පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වේ.

ඒ, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනාවකට අනුවයි.

ඒ අනුව අද පෙරවරු 9.30 ට ආරම්භ වන විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය.

විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ආණ්ඩු පක්ෂය එය ස්ථිර කිරීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟ වී තිබේ.