.webp)
COLOMBO (News 1st) - එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා මේ වනවිට කණ්ඩායම් 03ක් සුදුසුකම් ලබා තිබේ.
ඒ, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවයි.
ඒ අනුව සුදුසුකම් ලැබීමට ඇත්තේ තවත් එක් කණ්ඩායමක් පමණි.
නවසීලන්තය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය මේ වනවිට අවසන් පූර්ව වටයේ අවසන් ස්ථානය හිමි කර ගැනීම වෙනුවෙන් සටනක නිතර සිටී.
අවසන් පූර්ව වටයේ දෙවන තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිතයි.
එය ලබන 16 වැනිදා කොල්කටා හී ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්ත්වේ.
මේ අතර නවසීලන්තය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතුරින් තේරීපත්වන කණ්ඩායම ලබන 15 වැනිදා ඉන්දියාව සමග පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරනු ඇති.
එම තරගය පැවැත්වෙන්නේ මුම්බායිහී වන්කඩේ ක්‍රීඩාංගණයේදීය.