අමෙරිකානු ජනපති බයිඩ්න්ගෙන් කළ ඉල්ලීම

ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙන්න.. - ජනපති බයිඩ්න් ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි..

by Staff writer 08-11-2023 | 6:55 AM

COLOMBO (News 1st) - ගාසා තීරයේ දින 3ක සටන් විරාමයක් සඳහා එකඟවන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා, එම ඉල්ලීම කර ඇත්තේ ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමිනි.

ඒ හරහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ ගනුදෙනුවකට අවතීර්ණ විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය, මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

ගාසා තීරය වෙත ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් පවති.

ඒ හේතුවෙන් මියගොස් ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 10,000කට අධිකයි.

ඊශ්‍රායලයේ ද 1400 කට අධික පිරිසක් මිය ගියහ.

වාර්තා වන ළමා මරණ සංඛ්‍යාව, 4104 කි.