ග්ලෙන් මැක්ස්වෙල් ලෝක කුසලාන වාර්තා අලුත් කරයි....

ග්ලෙන් මැක්ස්වෙල් ලෝක කුසලාන වාර්තා අලුත් කරයි....

by Staff writer 07-11-2023 | 10:43 PM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් ජය ගත්තේ ය.

ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදී ය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 201ක් රැස් කළේ ය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානයේ ආරම්භක කඩුල්ල ලකුණු 38කදී බිඳ වැටිණි.

රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 21යි.

රහ්මත් ශා සහ ඊබ්‍රහිම් සද්රාන්, ඇෆ්ගනිස්ථාන දෙවැනි කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

රහ්මත් ශා ලකුණු 30යි.

නායක හෂ්මතුල්ලා ශහිදි ලකුණු 26කට දැවී ගියේ ය.

රශීඩ් ඛාන් සහ ඊබ්‍රහිම් සද්රාන් අතර 6 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 58කි.

ඊබ්‍රහිම් සද්රාන් නොදැවී ලකුණු 129ක් රැස් කළේ  4 පහර 8ක් සහ 6 පහර 3ක් ඇතිවයි.

ජෝෂ් හේස්ල්වුඩ් කඩුලු 2යි.

ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 291ක් රැස් කළේ ය.

ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ්.

පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.

මිචෙල් මාෂ් ලකුණු 24යි.

ඩේවිඩ් වෝනර් ලකුණු 18කට දැවී ගියේ ය.

ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අභියස ඔස්ට්‍රේලියා මුල් පෙළ පිතිකරුවන් 5 දෙනා පිටියෙන් ඉවත් වූයේ 69කදීයි. 

නායක පැට් කමින්ස් සහ ග්ලෙන් මැක්ස්වෙල් බිඳ වැටුණු ඔස්ට්‍රේලියා ඉනිම ගොඩනැගුවේ ය.

මැක්වෙල් පන්දු 128 දී ලකුණු නොදැවී 201 රැස් කළේ,ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ද්විත්ව ශතකයි වාර්තා කරමිණි.