ක්‍රිකට් සඳහා 7 කගෙන් යුතු අතුරු පාලක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලක කමිටුවක්.

by Staff writer 06-11-2023 | 6:24 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලක කමිටුවක් පත් කර තිබේ.  

ඒ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ය. 

අතුරු පාලන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතායි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රකිත රාජපක්ෂ, උපාලි ධර්මදාස සහ හිෂාම් ජමාල්ඩීන් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති.