.webp)
COLOMBO (News 1st) - රෆා පිවිසුම හරහා ගාසා තීරයෙන් පිටවී ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිවූ විදේශිකයින් අතර ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් 596 දෙනෙකුට මෙලෙස ගාසා තීරයෙන් පිටත්ව යාම සඳහා අවසර හිමිව ඇත.
ගාසා දේශසීමා සහ පිවිසුම් අධිකාරිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ පුද්ගලයින් එරට වේලාවෙන් උදෑසන 7 වනවිට පිවිසුමට පැමිණ සිටිය යුතු බවයි.
ඒ අනුව රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යාමට අවසර හිමි වූ පුද්ගලයින් 596 දෙනා නියෝජනය කරන රටවල් පහත පරිදි වේ.
අසර්බයිජන් - 8
බෙල්ජියම් - 50
බහරේන් - 6
චැඩ් ජනරජය - 2
ක්‍රොඒෂියා - 23
ග්‍රීසිය - 24
හංගේරියාව - 20
ඉතාලි - 4
උතුරු මැසඩෝනියාව - 4
මෙක්සිකෝ - 2
නෙදර්ලන්තය - 20
දකුණු කොරියාව - 5
ශ්‍රී ලංකා - 17
ස්විට්සර්ලන්තය - 11
අමෙරිකා එක්සත් ජනපදය - 400
ඊශ්‍රායල - හමාස් යුද්ධය ආරම්භ වීමෙන් පසු සිවිල් වැසියන් වෙනුවෙන් රෆා පිවිසුම විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර ඒ අනුව තුවාල ලැබූ සීමිත සිවිල් සිවිල් වැසියන් පිරිසකට, විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට ගාසා තීරයෙන් පිටව යාමට අවසර හිමි විය.
රෆා පිවිසුමට අමතරව ගාසා තීරයෙන් පිටත්ව යාම සඳහා තවත් පිවිසුම් දෙකක් ඇති අතර මේ වනවිට එම පිවිසුම් දෙකම වසා දමා ඇත.