ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනා සමාගම් හිමිකරු දැලේ

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙනා බව කියන සමාගමේ හිමිකරු අත්අඩංගුවට

by Staff writer 01-11-2023 | 7:53 AM

COLOMBO (News 1st) - ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීයි.

57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණ විය.